2023 දෙසැම්‍බර් 13, ප.ව. 2:49
ඉන්දියාවේ පාර්ලිමේන්තු සභා ගර්භය වෙත දුම් කැනිස්ටරයක් රැගත් පුද්ගලයකු අද කඩාවැදුණා.
අමුත්තන්ගේ ගැලරියෙහි සිට මේ පුද්ගලයා සභාගර්භය වෙත කඩාපැන්න අතර ඔහු මේස උඩින් පනිමින් ආරක්ෂකයින් වෙතින් පැනයාමට තැත් කරනු දකින්න ලැබුණා. ඔහු අත වූ දුම් කැනිස්ටරයකින් කහ පැහැති දුමක් පිටකරමින් සිටි බව වාර්තා වුණා.
මේ අතර අමුත්තන්ගේ ගැලරියෙහි වූ තවත් අයකු අතද එවන් දුම් කැනිස්ටරයක් තිබුණ බව ඉන් දියානු මාධ්‍ය වාර්තා පවසනවා.
මේ පුද්ගලයන් දෙදෙනාම ආරක්ෂක අංශ මගින් රඳවාගනු ලැබුණා.
ඉන්දියාවේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අද දිනයට වසර 22 ක් වනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48