2023 අගෝස්‍තු 22, ප.ව. 11:32
BRICS සංවිධානය විසින් පිහිටුවා ඇති නව සංවර්ධන බැංකුවට (NDB) බැඳීම සඳහා රටවල් 15 කින් පමණ ඉල්ලීම් ලැබී ඇතැයි එම බැංකුවේ ප්‍රධානී, හිටපු බ්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ් පවසනවා.
ඇය කියා සිටියේ රටවල් පහක පමණ සාමාජිකත්වය නුදුරේදීම අනුමති කිරීමේ ඉඩක් ඇති බවයි. කෙසේ වෙතත් එම රටවල් මොනවාදැයි ඇය සඳහන් කර තිබුණේ නැහැ.
එමෙන්ම දකුණු අප්‍රිකාවට රෑන්ඩ් මුදලින් ද බ්‍රසීලයට රියාල් මුදලින් ද මූල්‍යමය සහය ලබාදීමට තමන් අවධානය යොමු කරන බව රූසෙෆ් කියා සිටියා. ඇය පවසන්නේ මේ මගින් ලෝක ආර්ථිකය ඩොලර් මත යැපීම සීමා කිරීමට තවත් රුකුලක් සැලසෙනු ඇති බවයි.
බැංකුව 2014 දී පිහිටවුණු අතර එයට සාමාජික රටවල් සම්බන්ධ වුණා. පසුව බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර්, ඊජිප්තුව සහ උරුගුවේ යන රටවල් ඊට එක්වුණා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24