2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 8:20
කුලය අනුව පුද්ගලයන් වෙනස් කර සැලකීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට කැලිෆෝර්නියා ප්‍රාන්ත සෙනට් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ප්‍රාන්ත සෙනට් සභාව 31-5 ක ඡන්දයෙන් එම යෝජනාව සම්මත කළා. මීට පෙර ප්‍රාන්ත නියෝජිත මන්ත්‍රණ සභාව ද 55-3 ක ඡන්දයෙන් එම පනත් කෙටුම්පත සම්මත කර තිබුණා.
මේ අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුකාරවරයාගේ අත්සන සඳහා යවනු ලැබෙනවා.
විදේශයන් හි වසන ඉන් දියානු ඇතුළු දකුණු ආසියාතික ප්‍රජාවන් අතර කුලය මත පදනම්ව වෙනස් කර සැලකීම සිදුවන බව විවිධ සිවිල් සංවිධාන කලක පටන් පෙන්වා දෙනවා. මීට පෙර ඇමරිකාවේ සියැට්ල් නගරය ද මීට එරෙහිව නීතියක් සම්මත කළා. කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයාගේ අත්සන ලැබුණහොත් මෙම පනත ඇමරිකානු ප්‍රාන්තයක කුලවාදී බෙදීම්වලට එරෙහිව සම්මත වන පළමු පනත වනු ඇති.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24