hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 3:03



යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ (14) කියෙව්හි දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔහු ගමන්ගත් වාහනය වෙනත් වාහනයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන් වන්නේ.

වොලොදිමීර් සෙලෙන්ස්කිට බරපතළ තුවාල සිදුවී නොමැති බව එම වාර්තාවල දැක්වෙනවා.