2023 අගෝස්තු 06, ප.ව. 5:44
ඉන්දියාව විසින් පසුගියදා යවන ලද චන්ද්‍රයාන්-3 යානය සඳෙහි කක්ෂයට ඇතුල් වී ඇති බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) කියා සිටියා.
මේ අනුව ඉදිරි කටයුතු ද සැලැසුම් කර ඇති පරිදි සිදු වුවහොත් අගෝස්තු 23-24 අතර එය චන් ද්‍රයාගේ දකුණු ධ්‍රැවය ප්‍රදේශයෙහි ගොඩබසිනු ඇති.
චන්ද්‍රයාන්-3 හි “වික්‍රම්” නම් වූ ගොඩබසින යානයක් ද “ප්‍රග්යාන්” නම් වූ රෝවරයක් ද වනවා. මෙම ගොඩබැසීම සාර්ථක වුවහොත් ඉන්දියාව සඳ මත පාලනයක් සහිතව යානයක් ගොඩබැස්වූ සිව්වන රට බවට පත්වනු ඇති. මීට පෙර එය සිදුකර ඇත්තේ ඇමරිකාව, රුසියාව (සෝවියට් දේශය) සහ චීනය පමණයි.
2019 දී ඉන්දියාව විසින් පිටත් කළ චන්ද්‍රයාන්-2 යානය සඳ මත ගොඩබැසීම අසාර්ථක වුණා.
චන්ද්‍රයාන්-3 මෙහෙයුම සාර්ථක වුවහොත් එය ඉන්දියාව විසින් ඉතා අඩු පිරිවැයක් යොදාගෙන ක්‍රියාවට නගන අභ්‍යවකාශ වැඩපිළිවෙලෙහි සාර්ථක සන්ධිස්ථානයක් වනු ඇති.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24