hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 3:06



චීනයේ ජියැන්සි ප්‍රාන්තයේ පෙර පාසලක සිදු වූ පිහි ඇනුමකින් තුන්දෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

පිහි ඇනුම සිදුකළ 48 හැවිරිදි පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

මොහු අල්ලා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක යි.

චීනයේ මෙවැනි අපරාධ සිදු වීමේ ප්‍රවණතාව අඩු වන අතර එරට පුරවැසියන්ට ගිනිඅවි ළඟ තබා ගැනීම ද තහනම් වෙනවා.

එවැනි පසුබිමක පසුගිය වසරවල චීනයේ පිහි ඇනුම් සිද්ධි වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර 2020 වර්ෂයේදී පමණක් පිහි ඇනුම්වලින් සිසුන් 37 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, විශේෂයෙන් පෙර පාසල් සහ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙලෙස මාරාන්තික පිහි ඇනුම් සිද්ධි බොහොමයක් රට පුරා සිදු වී ඇති බවයි.