hit counter

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා

2025 පෙබරවාරි 06, ප.ව. 1:09



කොකේන්වල විසිකිවලට වඩා විශේෂ අයහපතක් නොමැති බවත් කොකේන් තහනම්ව පවතින්නේ එය ලතින් ඇමරිකාවේ නිෂ්පාදනය කෙරෙන නිසා බවත් කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ පවසනවා.

අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කොළොම්බියාව පසුගියදා ඇමරිකාව විසින් සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම පිළිබඳව එරට සමග ගැටුමක ද පැටළුණා.

පෙට්‍රෝ සඳහන් කරන්නේ කොකේන් ජාවාරම මගින් මත් ජාවාරම් කල්ලි විශාල මුදලක් ඉපැයීමේ ගැටළුව විසඳීමට ඇති ක්‍රමය කොකේන් වෙළෙඳාම නීතිගත කිරීම බවයි.

කොකේන් නිපදවීම සිදුවන්නේ ලතින් ඇමරිකාවේ වැවෙන කොකා ගසේ පත්‍ර යොදාගෙනයි. කොළොම්බියාව ද කොකේන් නිපදවීම සහ ජාවාරම සිදුකරන කල්ලිවල නිවස්නයක් වනවා.

කොකේන් භාවිතයෙන් විවිධ සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවන බව පෙන්නුම් කර ඇති අතර අධික ලෙස මත්පැන් භාවිතයෙන් ද සෞඛ්‍ය ගැටළු මතුවනවා. කෙසේ වෙතත් ඒවායේ ක්‍රියාවලිය එකාකාර නැහැ.