hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 22, ප.ව. 3:36



චීනයෙන් මේ දිනවල ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බී එෆ්. සෙවන් නැමති ඔමික්‍රොන් උපප්‍රභේදය වැළඳුණු දෙදෙනෙකු ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා ප්‍රාන්තවලින් සොයාගෙන තිබෙනවා.

ශීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය විය හැකි මෙම ප්‍රභේදය ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඇමරිකාව, සහ බි්‍රතාන්‍යයෙන්ද වාර්තා වුණා.

මේ අතර වැඩි වශයෙන් ආසාදිතයන් හමු වීමත් සමඟ චීනයේ රෝහල්වල රෝගී ධාරිතාවය වැඩිවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුව පළ කරනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, බීජිං ඇතුළු නගර කිහිපයක රෝහල් මෙලෙස රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව යි.

එමෙන්ම පසුගිය අගහරුවාදා කොරෝනා හේතුවෙන් චීනයේ 5 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබුණා.