hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 21, ප.ව. 12:32



ඉන්දුනීසියාවේ කුඩා ළමයින් 100ක් පමණ සිරප් සහ ඖෂධ දියර වර්ග නිසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ හේතුවෙන් එරට තුළ සිරප් සහ ඖෂධ දියර වර්ග අලෙවිය තහනම් කිරීමට බලධාරීන් කටයුතු කළා.

මේ පිළිබඳව වාර්තා වී ඇත්තේ ගැම්බියාවේ ළමයින් 70 දෙනෙක් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් නිසා මරණයට පත්වී ඇති බව හෙළිවීමෙන් අනතුරුවයි.

එම ළමා මරණ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු බලධාරීන් පරීක්ෂා කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ එක් සිරප් වර්ගයක වකුගඩුවේ තුවාල ඇතිකරන රසායනික ද්‍රව්‍යයක් අඩංගු බවයි.

ඒ හේතුවෙන් ළමා මරණ 99ක් සිදුව ඇති බව සඳහන්.

එම ඖෂධය එරට නිෂ්පාදනයක්ද නැතහොත් වෙනත් රටකින් ආනයනය කළ ඖෂධයක් ද යන්න තවම හදුනාගෙන නැහැ.

ඉන්දුනීසියානු බලධාරීන් ළමුන් 200 දෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර ඔවුන්ට විවිධ වකුගඩු ආබාධ ඇති බව හඳුනා ගැණුනා.

ඉන් බහුතරය වයස අවුරුදු 05ට අඩු ළමයින්.