hit counter

2025 ජනවාරි මස 22 වන බදාදා

2023 මාර්තු 20, ප.ව. 12:40



ඉන්දියාවේ කොවිඩ් නව ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත සංඛ්‍යා ලේඛන මඟින් පසුගිය දින කිහිපය ඇතුළත එරට කොවිඩ් ආසාදිතයන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පසු එරට වසංගත වෛද්‍ය අධ්‍යයන අංශ කිහිපයක් විසින් සොයාගත් කරුණු මත මේ බව අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

නව කොවිඩ් ප්‍රභේදය XBB.1.16 ලෙස හඳුනාගෙන ඇති අතර එය දැනටමත් ලොව රටවල් 12ක පමණ ව්‍යාප්ත වී ඇතැයි ද හෙළිවී තිබෙනවා.

ඇමරිකාව, සිංගප්පූරුව, බෲනායි බ්‍රිතාන්‍ය ඇතුළු රටවල දැනටමත් නව ප්‍රභේදය හිස ඔසවමින් තිබෙන බවට ද බවටද වාර්තා පළ වී තිබෙනවා.

එහි වර්ධන වේගය XBB.1.16 ප්‍රභේදයට වඩා 140%කින් වැඩි බවත් වාර්තා වෙනවා.

පසුගිය දින 6ක කාලය ඇතුළත ඉන්දියාවේ කර්ණාටක, මහාරාෂ්ඨ, කේරල සහ ගුජරාටි ගුජරාටි ඇතුලු ප්‍රාන්ත ගණනාවකින් කොවිඩ් ආසාදිතයින් 4484ක් වාර්තා වී ඇතැයි ද, පසුගිය සති දෙකක කාලය ඇතුළත ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 281%කින් ඉහළ ගොස් ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කලා.