hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 මැයි 25, පෙ.ව. 11:36



ජූනි අවසන් සතියේදී මිලියන 65ක් ආසාදිතයන් වනු ඇතැයි වාර්තාවක් කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් XBB උප ප්‍රභේදයක් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයේ නැවත කොවිඩ් වසංගතයක් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළා.

චීනයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියකු උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ ලබන ජූනි මාසයේ අවසන් සතිය වන විට එරට නව කොවිඩ් ආසාදිතයන් මිලියන 65ක් වාර්තා වනු ඇති බවයි.

එම වාර්තාවට අනුව මේ මස අවසන් සතියේදී චීනයේ නව කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 40 ඉක්මවනු ඇති.

චීනයේ කොවිඩ් ශූන්‍ය කිරීමේ ප්‍රතිපත්තිය ඉවත් කිරීමට රජය පියවර ගැනීමෙන් මාස 6ක් ඇතුළත නැවත චීනයේ කොවිඩ් වසංගය ව්‍යාප්ත වීම මත එරට වසංගත රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වෙනවා.