2023 පෙබරවාරි 01, ප.ව. 1:23
20 හැවිරිදි ඉරාන ජාතික යුවලකට වීදිවල නටන වීඩියෝවක් පළ කිරීමෙන් පසු වසර 10ක සිර දඬුවම් නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් ටෙහෙරානයේ අසාඩි කුළුණ අසල නටන අයුරු වීඩියෝවේ දැක්වෙනවා.
මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිලියන දෙකකට ආසන්න අනුගාමික පිරිසක් සිටින ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වෙත වීඩියෝව පළ කිරීමෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
වාර්තාවන්ට අනුව ඔවුන්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම සහ රටින් පිටවීමට ද වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.
ඉරානයේ පවතින විරෝධතාවලට මොවුන් සම්බන්ධ නොවුනත් එරට පවතින දැඩි නීති සීමා කිරීම්වලට අනුව මොවුන්ට දඬුවම් හිමිව තිබෙන බවයි සඳහන් වන්නේ.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55