hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 7:31



රුසියාවේ ජනාධිපතිවරණය මාර්තු 17 වනදා පැවැත්වීමට එරට පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව සිකුරාදා එරට මධ්‍යම මැතිවරණ කොමිසම ඒ පිළිබඳ සිය පළමු රැස්වීම පවත්වනු ඇති.

රුසියානු පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සභාපති වලන්තීනා මත්වීනෙන්කෝ කියා සිටියේ වෙනස්වන කාලයක ලෝක දේශපාලනයේ නව ප්‍රවණතා සඳහා නායකත්වය දෙන රටක් වශයෙන් රුසියානු ජනාධිපතිවරණය කෙරේ ලෝකයේම අවධානය යොමුවනු ඇති බවයි.

රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් තවම සිය අපේක්ෂකත්වය තහවුරු කර නැහැ. මෑතකදී ඔහුගෙන් ඒ පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ මැතිවරණය සඳහා දින නියම කරන ලද පසු ඒ පිළිබඳ යමක් කිව හැකි බවයි.

මේ අතර රුසියානු ෆෙඩරේශනයේ කොමියුනිස්ට් පක්ෂය මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව සඳහන් කර තිබෙනවා. පක්ෂයේ නායක ගෙනඩි සුගානෆ් මේ බව මෑතකදී තහවුරු කළා. එහෙත් ඔහු එම මැතිවරණයට ඉදිරිපත් වේදැයි සඳහන් වූයේ නැහැ.