hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 දෙසැම්‍බර් 29, ප.ව. 12:03



නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනෙකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් ඥාතීන් දෙදෙනෙක්.

මොවුන් ජිවත් වූ නිවසින් කිසිදු ශබ්දයක් නො ඇසීම හේතුවෙන් අසල්වාසීන් දොර කඩා නිවසට ඇතුලු වූ අවස්ථවේ ඔවුන් මිය ගොස් සිටි අයුරු දක්නට ලැබුණා.

මොවුන් රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජීරියානු පොලිසිය විමර්ශණවලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

අසල්වැසියන් නිවස පරීක්ෂා කරන විට සැමුවෙල් ඇතුලු පිරිස රාත්‍රි ආහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයාගෙන ඇති බවද නයිජීරියානු මාධ්‍ය වාර්තා කළා.

ඒ හේතුවෙන් ආහාර විස වී මෙම මරණය සිදු වන්නට ඇති බවට සැක පළ වනවා.