hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 3:35



රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ පාසලක තුවක්කුකරුවෙකු එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම පිරිස අතර පාසල් ළමුන් 5 දෙනෙකු සිටින බව ද එම වාර්තාවල දැක්වෙනවා.

රුසියාවේ, ඉෂෙව්ස්ක් නගරයේ සිසුන් 1,000ක් පමණ සිටින පාසලක මෙම වෙඩි තැබීම සිදුවී තිබෙනවා.

වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරු සියදිවි නසාගෙන ඇති අතර වෙඩි තැබීමේ අරමුණ කුමක් ද යන්න අපැහැදිලි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියානු මාධ්‍ය විසින් වෙඩි තැබීම සිදුවූ ගොඩනැගිල්ල තුළ දර්ශන ඉන්ටර්නෙට් වෙත නිකුත් කරනු ලැබ ඇති අතර ඇතැම් දර්ශනවල පන්ති කාමරයක ලේ ඇති අයුරු සහ ජනේලයක වෙඩි උණ්ඩයක් ඇති අයුරු දක්නට ලැබෙන එම වාර්තාවල දැක්වෙනවා.