hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 13, පෙ.ව. 7:42



පසුගියදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් සිදුකරන ලද ප්‍රකාශයක් නිවැරදි කිරීමට ධවල මන්දිරයට සිදුවුණා.

බදාදා දිනයේ යුදෙව් ප්‍රජාවගේ නියෝජිත පිරිසක් හමුවූ බයිඩන් සඳහන් කර තිබුණේ හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වනදා සිදුකළ ප්‍රහාරය අවස්ථාවේදී කුඩා දරුවන්ගේ හිස් ගසා මරාදමා තිබූ ඡායාරූප තමන් දුටු බවයි. එවන් තත්ත්වයක් තමන් සිතුවාටත් වඩා කුරිරු ප්‍රහාරයක ලකුණු පෙන්නුම් කරන බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් හමාස් සංවිධානය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර එම ප්‍රකාශය පිළිබඳ වෙනත් පුද්ගලයන් ද ප්‍රශ්න කිරීමට වුණා. ධවල මන්දිරය ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින්, ජනාධිපති බයිඩන් එවන් ඡායාරූප තමන් විසින් ම නුදුටු බවත් ඊශ්‍රායල ආණ්ඩුවේ ප්‍රකාශකයන් විසින් සඳහන් කළ කරුණු අනුව ඔහු ඒ බව සඳහන් කළ බවත් කියා සිටියා.

පසුව ඊශ්‍රායල යුධ හමුදාව ද සඳහන් කළේ තමන්ට මෙම චෝදනාව සනාථ කිරීමට සාධක ලැබී නොමැති බවයි. කෙසේ වෙතත් ඒ වනවිට ද ඊශ්‍රායලය පාර්ශවයෙන් මතුවූ මෙම චෝදනාව ලෝක මාධ්‍යවල ද කතාබහට ලක්ව​, බයිඩන් විසින් ද ප්‍රකාශයට පත් කර​, ලොව වටා ප්‍රචාරය වී අවසන්ව තිබුණා.