hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 06, ප.ව. 7:23



අද(06) අළුයම සිදු වූ භූ කම්පනයෙන් අනතුරුව තුර්කිය හා සිරියාව ආසන්නයේ මීට ටික වෙලාවකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

එහි ප්‍රබලත්වය දැක්වුණේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක් ලෙසයි.

එම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර තුර්කියේ Ekinozu නගරයේ සිට කිලෝමීටර 04ක් පමණ දුරින් මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.

දෙවන භූ කම්පනය සිදුව ඇත්තේ එරට වේලාවෙන් පස්වරු 01.30ට පමණයි.

පළමු සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයන් 1,600කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.