hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 8:01



ඇමරිකා එක්සත් ජනපදය කුමන ක්‍රියාමාර්ගයක් ගත්තද යුරෝපා සංගමය යුක්‍රේනයට ආධාර කරන බවත් එම ආධාර ඉහළ නංවන බවත් යුරෝපා සංගමයේ විදේශ කටයුතු ප්‍රධානී ජෝසෆ් බොරෙල් කියා සිටියා.

ඔහු මේ අදහස් පළ කළේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය සිය කෙටි කාලීන වියදම් පනතෙන් යුක්‍රේනයට ලබාදෙන හමුදා ආධාර ඉවත් කිරීමේ පසුබිමේයි.

ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ තීරණය ගැන තමන් කණගාටු වන බව පැවසූ බොරෙල්, කෙසේ වෙතත් යුරෝපය දිගටම යුක්‍රේනයට සහය දෙන බව සඳහන් කළා.

යුරෝපයෙන් යුක්‍රේනයට දෙන යුධ ආධාර පිළිබඳ තීරණ ගැනීම අන් රටවල් මත රඳා නොපවතින බව ද බොරෙල් පෙන්වා දුන්නා.