2025 අප්‍රේල් 27, පෙ.ව. 6:21
ඉරානයේ ශහිඩ් රජෙයි වරායෙහි ඊයේ සවස සිදුවූ පිපිරීමකින් මේ වනවිට 14 දෙනකු මියගොස් 750 ක් පමණ තුවාල ලබා ඇතැයි තහවුරු වී තිබෙනවා.
වරායේ රසායන ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක නිවැරදි ලෙස ගබඩා නොකර තිබීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානයේ විශාලම වාණිජ වරාය වන ශහිඩ් රජෙයි වරාය පිහිටා ඇත්තේ ටෙහෙරාන් අගනුවරින් කිලෝමීටර් 1000 ක් පමණ දකුණුදිගට වන්නටයි.
පිපිරීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මසූඩ් පෙසෙශ්කියාන් නියෝග කර ඇති අතර තත්ත්වය පාලනය කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාව ප්‍රදේශයට පිටත් කිරීමට ද කටයුතු කළා.
2025 නොවැම්‍බර් 01, ප.ව. 12:07
2025 ඔක්තෝබර් 31, ප.ව. 9:06
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 8:02
2025 ඔක්තෝබර් 30, පෙ.ව. 10:16
2025 ඔක්තෝබර් 30, පෙ.ව. 9:31