hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2024 මැයි 31, පෙ.ව. 8:11



ප්‍රංශය යුක්‍රේනය වෙත හමුදා උපදේශකයන් යැවීමේ තීරණය නුදුරේදීම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ජූනි මස මුලදී ප්‍රංශයේ සංචාරයකට සූදානම් වන අතර එම අවස්ථාවේදී මෙම නිවේදනය සිදුවිය හැකි යයි රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළා.

මෙම සැලැස්ම අනුව මුලින් ස්වල්ප පිරිසක් යවනු ඇති අතර පසුව එම පිරිස වර්ධනය කරනු ඇති. හමුදා පුහුණුව​, බිම් බෝම්බ ඉවත් කිරීම​, බටහිරින් ලැබෙන අවි නඩත්තුව පුහුණු කිරීම​, අලුතින් ලැබෙන ගුවන් යානා සඳහා අවශ්‍ය උපදේශන කටයුතු ආදිය උදෙසා මෙම පිරිස් යොදාගන්නට නියමිතයි.

බටහිර රටවල් යුක්‍රේනයට හමුදා එවන්නට කටයුතු කළහොත් එය රුසියාව සමග ගැටුමක් ඇති වීමට හේතු විය හැකි යයි රුසියාව මීට පෙර සඳහන් කර තිබෙනවා.