hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 26, පෙ.ව. 11:15



සිය රටෙහි ප්‍රංශ තානාපතිවරයාට පැය 48 ක් තුළ රටින් පිටවන ලෙස නිජර් හි හමුදා පාලනය විසින් සිකුරාදා නියෝග කරනු ලැබුණා.

ප්‍රංශයේ ක්‍රියාකාරකම් නිජර් රාජ්‍යයෙහි අපේක්ෂාවන්ට පටහැනිව යන හෙයින් එම තීරණය ගත් බවයි එරට විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ අතර තම රටට එරෙහිව මිලිටරි මැදිහත්වීමක් සිදුවුවහොත් තම සහයට පැමිණීම සඳහා මාලි සහ බුර්කිනා ෆාසෝ හමුදාවන්ට අවසර දීමට ද නිජර් රාජ්‍යය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් සිය තානාපතිවරයාට රටින් පිටවන ලෙස නියෝග දීමට හමුදා කුමන්ත්‍රණකරුවන් පිරිසකට අයිතිය නැති බව ප්‍රංශ විදේශ අමාත්‍යංශය පවසා තිබෙනවා.

නිජර් යනු අතීතයේ ප්‍රංශ යටත් විජිතයක් වූ අතර නොබෝදා බලයෙන් පහ කළ ජනාධිපති මොහොමඩ් බසූම් ප්‍රංශයට සමීප පාලකයකු වුණා.