2023 අගෝස්‍තු 14, ප.ව. 11:57
ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙහි ප්‍රාථමික ඡන්ද විමසීමේ දී අන්ත දක්ෂිනාංශික දේශපාලකයකු වන හාවියර් මිලෙයි බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් වාර්තා කළා.
මෙහිදී ඔහු සියයට 30 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් වූ අතර වර්තමාන ආර්ථික කටයුතු ඇමති සර්ගියෝ මසා සියයට 21 ක ඡන් ද ප්‍රමාණයක් ලබාගත්තා. දක්ෂිනාංශික අපේක්ෂිකා පැට්‍රිශියා වුල්රිච් සියයට 17 ක් ඡන් ද ලබාගන්නට සමත් වුණා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රසිකයකු වන හාවියර් මිලෙයි ආර්ජන්ටිනාව මුහුණදෙන ආර්ථික අවපාතයෙන් එගොඩ වීම සඳහා ඔහු ඉතා දැඩි යෝජනා ඉදිරිපත් කරනවා. ආර්ජන්ටිනා ආර්ථිකය ඩොලර්කරණය කිරීමට (වලංගු මුදල් ඒකකයක් ලෙස ඇමරිකානු ඩොලරය පිළිගැනීමට) සහ මහ බැංකුව අහෝසි කිරීම, නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීම, සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කිරීම ආදී පියවර යෝජනා කරන ඔහු සුබසාධන ආර්ථිකය ප්‍රතික්ෂේප කරන්නෙක්.
හාවියර් මිලෙයිට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබීමට හේතුව ලෙස විචාරකයන් පෙන්වා දෙන්නේ ආර්ජන්ටිනාවේ පවතින තත්ත්වය පිළිබඳ ජනතාව තුළ දේශපාලකයන් කෙරේ ඇති අප්‍රසාදයයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24