hit counter

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 26, ප.ව. 7:19



ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයට පිළිතුරු ලෙස ගාසා තීරය වෙත එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීන වැසියන් සංඛ්‍යාව 7,000 ඉක්මවා ගිය බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙයින් 2913 දෙනකු ළමුන් බවයි වාර්තා වන්නේ. මේ අතර ප්‍රදේශයේ සෞඛ්‍ය සේවය ද ඉතා අසීරු තත්ත්වයකට වැටී ඇත්තේ විදුලිය​, ඖෂධ වැනි අත්‍යවශ්‍ය පහසුකම් නොමැතිවීම හේතුවෙන්.

මේ අතර ගාසා තීරයට එල්ල වන ප්‍රහාර ඊශ්‍රායලයේ ස්වයං ආරක්ෂාව සලසාගැනීමෙන් ඔබ්බට ගොස් පීඩාවට පත් කිරීම​, ම්ලේච්ඡත්වය​, ජන සංහාරය සහ මෘගත්වය දක්වා ගමන් කර ඇතැයි තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් කියා සිටිනවා.