2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 6:51
පාකිස්ථාන පාලනයෙහි පවතින කශ්මීරයෙහි ගිල්ගිට් බල්ටිස්ථාන් ප්‍රදේශයෙහි පවතින උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා යුධ හමුදාව කැඳවා ඇතැයි මාධ්‍ය වාර්තා සමහරක් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් පාකිස්ථාන භාරකාර ආණ්ඩුව පවසන්නේ එසේ හමුදා කැඳවීමක් සිදුව නැති බවයි.
ගිල්ගිට් බල්ටිස්ථාන් ප්‍රදේශයේ දැනට සතියක පමණ සිට උද්ඝෝෂණ පවතිනවා. ප්‍රදේශයේ ශියා මුස්ලිම් පූජකයකුට එරෙහිව දේවාපහාස නීතිය යටතේ කටයුතු කිරීමට පියවර ගැනීම මෙම උද්ඝෝෂණවලට මුල වූ අතර ජීවන වියදම උත්සන්න වීමට එරෙහිව ද විරෝධයන් මතුව ඇතැයි වාර්තා වනවා.
පාකිස්ථානයේ සුළුතර ජන කණ්ඩායම්වලට එරෙහිව දේවාපහාස නීතිය යොදාගැනෙන බවට විවිධ අවස්ථාවල චෝදනා පළවනවා.
ගිල්ගිට් බල්ටිස්ථාන ප්‍රදේශයේ ස්කර්දු නගරයෙහි පැවති උද්ඝෝෂණ රැළියක් අතරතුර එක් විරෝධතා නායකයකු ප්‍රකාශ කළේ පාකිස්ථාන බලධාරීන් තමන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ නොදෙන්නේ නම් තමන් කාර්ගිල් වෙත ගමන් කරන බවයි. ඉන්දියානු පාලනය යටතේ ඇති කාර්ගිල් වෙත ස්කර්දු සිට ඇත්තේ කිලෝමීටර 100 ක පමණ දුරක්.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24