hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 2:26



පලස්තීනයේ ගාසා තීරයේ සිට හමාස් සටන්කාමීන් අද ඊශ්‍රායලය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන් එම මෙහෙයුම නම් කර ඇත්තේ Al-Aqsa Flood යන නමින්.

උදෑසන ආරම්භ වූ රොකට් ප්‍රහාරයකින් පසු හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත කඩා වැදුණා. ඔවුන් දකුණුදිග ඊශ්‍රායල ජනාවාස ප්‍රදේශයන් හිදී ඊශ්‍රායල හමුදා සමග සටන් වදිමින් සිටිනවා. මේ අතර රොකට් ප්‍රහාර ද දිගටම එල්ල වනවා.

ප්‍රහාරවලින් තුවාල ලද ඊශ්‍රායල වැසියන් අශ්කලෝන් සහ බීර්ශෙබා නගරවල රෝහල් කරා ගෙනෙන බව ද වාර්තා වනවා.

මේ අතර ඊශ්‍රායල සෙබළුන් දෙදෙනකු හමාස් සංවිධානය විසින් අල්ලාගෙන ඇති බවට ද වීඩියෝ පට ප්‍රචාරය වී තිබුණා.

ඊශ්‍රායලය යුධ​, ගුවන්, නාවික හමුදා යොදාගෙන හමාස් ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බව සඳහන් කළා.