hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 ජනවාරි 24, ප.ව. 10:57



ඊශ්‍රායලය විසින් කරන ලද මාස දෙකක සටන් විරාමයක යෝජනාව හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මාස දෙකක සටන් විරාමයක් ඇතුලත ක්‍රමානුකූලව ඊශ්‍රායල ප්‍රාණ​ඇපකරුවන් මෙන්ම ඊට සමගාමීව ඊශ්‍රායලයේ සිටින පලස්තීන රැඳවියන් නිදහස් කිරීමේ යෝජනා සහිතව මේ සටන් විරාමය පිළිබඳ අදහස ඊශ්‍රායලය විසින් ඉදිරිපත් කළ බව වාර්තා වනවා.

දෙපාර්ශවය අතර මැදිහත්කරුවන් වන කටාර් සහ ඊජිප්තුව විසින් මෙම යෝජනාව හමාස් සංවිධානයට දන්වා තිබෙනවා. හමාස් සංවිධානයෙහි මතය වී ඇත්තේ තාවකාලික සටන් විරාම පිළිබඳ තමන්ට විශ්වාසයක් නැති බවයි. එහෙයින් ස්ථිර සටන් විරාමයකට එකඟ වී ගාසා තීරයෙන් හමුදා ඉවත් කරගන්නේ නම් පමණක් තමන් එකඟත්වය පළකරන බව හමාස් සංවිධානය පවසනවා.