hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 27, පෙ.ව. 10:16



Harry Potter චරිතය හරහා ලොව පුරා අතිශය ජනප්‍රිය වූ රංගන ශිල්පී ඩැනියෙල් රැඩ්ක්ලිෆ් පිය පදවියට පත්ව තිබෙනවා.

දරුවාගේ උපන් දිනය මෙතෙක් තහවුරු කර නැහැ.

එසේම දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය ද මෙතෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර නොමැති බවයි CNN පුවත් සේවය වාර්තා කළේ.

ඩැනියෙල් රැඩ්ක්ලිෆ් විසින් අත දරුවන් රැගෙන යන කරත්තයක් තල්ලු කරගෙන යන වීඩියෝ පටයක් dailymail වෙබ් අඩවිය විසින් සමාජගත කිරීමත් සමගයි මේ පිළිබඳව කතා බහක් ඇති වූයේ.

ඒ අනුව ඩැනියෙල්ගේ නියෝජිතයෙකු විසින් එම දරු උපත තහවුරු කර තිබෙනවා.

ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ගේ බිරිඳ 38 හැවිරිදි හොලිවුඩ් නිළි එරින් ඩාර්ක් වන අතර, ඔවුන් දෙදෙනා 2013 වසරේ දී ‘Kill Your Darlings’ චිත්‍රපටයේ රංගනය අතරතුර හඳුනාගෙන පෙම් සබඳතාව ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.