hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 10, ප.ව. 9:42



ඇමරිකාවේ හවායි ප්‍රාන්තයේ මාවුයි දූපතේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් 36 දෙනකු මියගොස් තිබෙනවා.

මේ අතර තවත් දහස් ගණන් වූ පිරිස් සිය නිවෙස් අතැර පළාගොස් ඇති බව වාර්තා වුණා.

වියළි කාලගුණය හේතුවෙන් ඇතිවූ ලැව්ගිනි තත්ත්වය අධික සුළඟ නිසාවෙන් උත්සන්න වී තිබෙනවා. ගින්න පැතිරීමෙන් නිවාඩු නිකේතන නගරයක් වන ලහයිනා නගරයෙහි විශාල ප්‍රදේශයක් විනාශ වී ඇතැයි වාර්තා වුණා. මෙම නගරයෙහි ජනගහනය 12,000 ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

බලධාරීන් සඳහන් කරන්නේ ලැව්ගිනි පැතිරීම සම්පූර්ණයෙන් අවසන්ව නොමැති හෙයින් අවදානම තවදුරටත් පවතින බවයි. එමෙන්ම ජීවිත හානි ප්‍රමාණය ද මීට වඩා වැඩි විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම ලැව්ගිනි තත්ත්වය ඇමරිකානු ඉතිහාසයේ මෑත කාලයේ වාර්තා වූ ජීවිත හානි වැඩිම ලැව්ගින්නක් බවයි වාර්තා වන්නේ.