hit counter

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 11, පෙ.ව. 10:43



ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ බේරූට් නගරයේ අල් නුවයිරි සහ රස් එල්-නබා ප්‍රදේශ මායිමේ පිහිටි මහල් අටකින් යුක්ත ගොඩනැගිල්ලක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා.

මෙම ප්‍රහාරයේ ඉලක්කය වූ බව කියන වෆික් සෆා නමැත්තා එයින් ගැලවී තිබෙන බවයි කියැවෙන්නේ. ඔහු හිස්බුල්ලා සංවිධානයේ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ අංශයේ ප්‍රධානියකු බව සඳහන් වනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 දෙනකු මියගොස් සියයක් පමණ තුවාල ලබා ඇතැයි ලෙබනන බලධාරීන් පැවසුවා.

මෙතෙක් එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයන්වලදී මෙම ප්‍රදේශය ඉලක්ක වී තිබුනේ නැහැ.

මේ අතරතුරදී බටහිර ඉවුරේ නූර් ශම්ස් සරණාගත කඳවුරෙහි පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් ප්‍රධානියා වූ මුහම්මද් අබ්දුල්ලා නමැත්තා ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඊශ්‍රායලය සඳහන් කරනවා.