hit counter

2024 දෙසැම්‍බර් මස 30 වන සඳුදා

2023 නොවැම්‍බර් 18, ප.ව. 9:33



රතු මුහුදේදී හෝ අන් ස්ථානයකදී ඊශ්‍රායලය බලාපොරොත්තු නොවන අවස්ථාවක ඕනෑම ඊශ්‍රායල නෞකාවක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට තමන්ට හැකියාව ඇතැයි යේමනයේ හූති කැරලිකරුවන් ගේ හෙවත් අන්සාර් අල්ලා ව්‍යාපාරයේ හමුදා ප්‍රකාශකයකු අල් මයාදීන් මාධ්‍ය ආයතනය සමග පවසා තිබෙනවා.

හූති කැරලිකරුවන් මේ වනවිට අවස්ථා ගණනාවකදී ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ බොහොමයක් සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත් නෞකාවලට පහරදීමේ තර්ජනය ඊට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා කරුණක් බවයි විශ්ලේෂකයන් පවසන්නේ. ඊශ්‍රායලයට සිය නෞකාවල ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් සිතන්නට මේ අනුව සිදුවිය හැකියි.

මේ අතර මැදපෙරදිග කලාපයේ ඕනෑම ඉලක්කයකට පහරදීමට තමන්ට හැකියාව ඇති යයි ඊශ්‍රායල ගුවන් හමුදාපතිවරයා නොබෝදා සඳහන් කර තිබුණා.