2023 ඔක්තෝබර් 23, පෙ.ව. 12:36
ගාසා තීරයේ දේශසීමා වැටෙහි බටහිරදිග ප්‍රදේශයේ කිසුෆිම් නම් ජනාවාසය අසළ ස්ථානයකදී ඊශ්‍රායල හමුදාවන් වෙත එල්ල වූ හමාස් ප්‍රහාරයකින් එක් සෙබළකු මියගොස් තුන් දෙනකු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලය පවසනවා.
ඉරිදා දිනයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල වැසියන්ගේ සිරුරු සෙවීමේ සහ ළඟ එන ගාසා තීරය ආක්‍රමණය සඳහා සූදානම් වීමේ යෙදී සිටි භට පිරිසක් වෙතයි.
යුධ ටැංකියක් සහ තවත් රථයක් වෙත යුධ ටැංකි නාශක මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට හමාස් සටන්කාමීන් සමත්ව තිබෙනවා. ඊශ්‍රායල සෙබළුන් ද හමාස් ප්‍රහාරකයින් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළා.
මේ අතර උතුරු ගාසා ප්‍රදේශයට එල්ලවන ප්‍රහාර වඩාත් තීව්‍ර කර තිබෙනවා. එය ළඟ එන ගොඩබිම් මෙහෙයුම සඳහා සතුරු මර්මස්ථාන විනාශ කිරීමේ කටයුත්ත වේගවත් කිරීමක් බවයි පෙනී යන්නේ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24