2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 10:16
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝග යෝජනාවක් පිළිබඳ පරික්ෂණයක් අරඹන ලෙස කොන්ග්‍රස් සභාවේ නියෝජිත මන්ත්‍රණ සභා කතානායක කෙවින් මැකාර්ති අදාළ මන්ත්‍රණ සභා කමිටුවට උපදෙස් දී තිබෙනවා.
මැකාර්ති පවසන්නේ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන්ගේ ව්‍යාපාර කටයුතු පිළිබඳ කළ පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති පරිදි බයිඩන් පවුල වටා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සංස්කෘතියක් නිර්මාණය වී ඇතැයි දිස්වන බවයි.
බලය අයුතු ලෙස භාවිතා කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කිරීම සහ දූෂණය ආදී කරුණු පිළිබඳ සාධක හෙළි වී ඇති බවත් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට අදාල කමිටුවට අවශ්‍ය බවත් මැකාර්ති කියා සිටියා.
නමුත් මෙම දෝෂාභියෝග පරීක්ෂණ පවත්වන්නේ රිපබ්ලිකන් පක්ෂයේ අන්ත දක්ෂිනාංශික මන්ත්‍රීන් සුළු පිරිසකගේ අවශ්‍යතාවය අනුව බවත් මැකාර්ති තම තනතුර රැකගැනීමේ අවශ්‍යතාව මත එම පිරිසට අවනත වන බවත් ධවල මන්දිරය පවසනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24