hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 05, ප.ව. 6:35



වෙඩි තැබීමෙන් සුවය ලැබීමෙන් පසු පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් යළි විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිතයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් සුවය ලැබීමෙන් පසු ඉස්ලාමාබාද් වෙත සිය විරෝධතා පාගමන නැවත ආරම්භ කරන බව පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරයි. 

 හිටපු අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ (04) විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින ලාහෝර් හි රෝහලක සිට සජීව දේශනයකදී පැවසුවේ “මම හොඳ වූ පසු ඉස්ලාමාබාද් වෙත පෙළපාලි යාමට මම ඇමතුමක් දෙන්නෙම්.” යනුවෙන්. 

ඔහුගේ ආධාරකරුවන් ප්‍රධාන මාර්ග අවහිර කරමින් රටපුරා විරෝධතා දියත් කර තිබුණා. 

ඉකුත් බ්‍රහස්පතින්දා ඉම්රාන් ඛාන්, පූර්ව මැතිවරණ සඳහා බලපෑම් කිරීමට සහ අගමැති ෂබාස් ෂරීෆ්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා අගනුවරට විරෝධතා පාගමනක් මෙහෙයවමින් සිටිය දී ඔහු ට්‍රක් රථයක සිටිමින් ජනතාව වෙත අත වනමින් සිටියදී ඔහු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ඉම්රාන් ඛාන්ගේ පාදයකට තුවාල සිදු වුණා.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ සැකකරු පොලීසිය අත්අඩංගුවටගෙන තිබු අතර එහිදී ඔහු පාපොච්චාරණයක් සිදුකර තිබෙන බව වාර්තා වෙනවා.

එහිදී එම සැකකරු පවසා ඇත්තේ ඉම්රාන් ඛාන් මිනිසුන් නොමඟ යවන බැවින් ඊට එරෙහිව එම වෙඩි තැබීම සිදුකළ බවයි.

එය හුදෙක් තමන්ගේ සැලසුමක් පමණක් බවත්, ඒ සඳහා දේශපාලනමය මැදිහත්වීමක් හෝ ආගමික මැදිහත්වීමක් මෙන්ම කිසිදු ත්‍රස්ත කණ්ඩායමක මැදිහත්වීමක්ද නොමැති බවට සැකකරු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.