hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 06, ප.ව. 8:01



පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් විකාශය නොකරන ලෙසට පාකිස්ථාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය එරට මාධ්‍ය ආයතන වෙත දැනුම්දී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව පළමු වරට මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඉම්රාන් ඛාන් චෝදනා කර සිටියේ වත්මන් අගමැති ශෙබාස් ෂරීෆ්ගේ අනුදැනුම මත අදාළ වෙඩිතැබීම සිදුව ඇති බවටයි.

එම ප්‍රකාශයෙන් අනතුරුව පාකිස්ථාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය මෙම තහනම පනවා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව පවසමින්.