hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 01, ප.ව. 12:54



ඉන්දියාවේ ගුජරාටයේ පාලම කඩා වැටීමේ සිද්ධියට නමදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ ඔරෙවා නම් සමාගමේ නිළධාරින් පිරිසක්.

අදාළ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් පාලම කඩා වැටුණු අවස්ථාවේ සිට අතුරුදන්වී සිටින බවද ඉන්දීය වාර්තා සදහන් කළා.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ මෙම පාලම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ජනතාවට විවෘත කරනු ලැබුවේ පසුගිය සතියේදීයි.

එය යළි විවෘත කිරීමට පෙර යෝග්‍යතා සහතික අදාළ ආයතන වලින් ලබා ගෙන නොමැති බවද හෙලිවී තිබෙනවා.

පාලම කඩා වැටීමෙන් පුද්ගලයන් 141දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 100කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන් බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ.