hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2025 මැයි 10, ප.ව. 6:20



ඉන්දියාව සහ පාකිස්ථානය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ඇතිවී තිබෙනවා. මේ බව මුලින්ම නිවේදනය කරන ලද්දේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්. පසුව මේ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, පාකිස්ථාන විදේශ ඇමති ඉශාක් දාර් සහ ඉන්දියානු විදේශ ඇමති එස්. ජයිශංකර් විසින් සනාථ කරනු ලැබුණා.

මේ අතර ඉන්දියාවේ මාධ්‍ය ආයතනය පවසන පරිදි අද සන්ධ්‍යාවේ පාකිස්ථානයේ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරල් විසින් ඉන්දියාවට ලබාදුන් ඇමතුමකින් පසු මෙම සටන් විරාමයට එකඟත්වය ඇතිකරගෙන තිබෙනවා. නමුත් වෙනත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම පිළිබඳ මෙහිදී එකඟතාවයක් ඇතිවී නැහැ.