2024 පෙබරවාරි 12, පෙ.ව. 11:26
කටාර් රාජ්‍යයේ අධිකරණයක් විසින් පසුගිය ඔක්තෝබරයේදී මරණීය දණ්ඩනය සඳහා නියම කරන ලද ඉන්දියානු විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන් අටදෙනා නිදහස් කර තිබෙනවා.
පුද්ගලික ආරක්ෂක තාක්ෂණික ආයතනයක සේවය කළ ඔවුන් වෙනත් රටකට තොරතුරු ලබාදීමේ චෝදනාවක් මත පහළ අධිකරණයක් විසින් මරණීය දණ්ඩනයට නියම කරනු ලැබුණා. පසුව එම දඬුවම් විවිධ කාලසීමාවල සිර දඬුවම් ලෙස ලිහිල් කරනු ලැබුණ අතර මේ වනවිට ඔවුන් නිදහස ලබා තිබෙනවා.
මෙම පිරිස අතර විශ්‍රාමික නිලධාරීන් හත්දෙනකු හා විශ්‍රාමික නාවික සෙබළකු වනවා. ඔවුන් අතුරින් සත් දෙනකු අද උදෑසන නව දිල්ලියෙන් ඉන්දියාවට ගොඩබැස්සා.
මෙම පිරිස නිදහස් කරගැනීමට ඉන්දියානු ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම වැදගත් වූ බවයි විශ්වාස කෙරෙන්නේ.
2026 ජනවාරි 07, ප.ව. 12:58
2026 ජනවාරි 06, ප.ව. 2:56
2026 ජනවාරි 04, පෙ.ව. 11:30
2026 ජනවාරි 04, පෙ.ව. 11:14
2026 ජනවාරි 03, ප.ව. 3:59