2023 අගෝස්තු 30, පෙ.ව. 9:20
චීනයේ ස්වාභාවික සම්පත් අමාත්‍යංශය විසින් පළ කරන ලද 2023 සිතියමෙහි අරුණාචල් ප්‍රදේශය සහ අක්සායි චින්, චීනයට අයත් ප්‍රදේශ ලෙස සලකුණු කර තිබීම හේතුවෙන් නැවතත් ඉන්දු-චීන රාජ්‍යතාන්ත්‍රික උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.
මෙම සිතියම ස්වාභාවික සම්පත් අමාත්‍යංශය විසින් සිය වෙබ් අඩවියෙහි පළ කරනු ලැබ තිබුණේ අගෝස්තු 28 වනදා යි. මේ සම්බන්ධව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජායිශංකර් සිය අප්‍රසාදය දක්වා තිබුණා.
චීනය විසින් මෙම සිතියම පළ කරනු ලැබ තිබුණේ රාජ්‍ය නායක හමුවේදී අගමැති නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති සී ජින්පිං අතර කෙටි කතාබහක් සිදුවූ පසුබිමේයි. එම කතාබහ අතරතුර දෙරට අතර පවතින තත්ත්වය සමනය කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡා වූ බව සඳහන් වුණා. මේ අතර ලබන සතියේ පැවැත්වෙන G-20 රාජ්‍ය නායක හමුවට ද සී ජින්පිං පැමිණේදැයි තවම තහවුරු කර නැහැ. කෙසේ නමුත් ඔහුගේ පැමිණීම සඳහා ඉන්දියාව සූදානම්ව සිටින බවයි වාර්තා වූයේ.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24