2022 නොවැම්‍බර් 24, ප.ව. 2:00
දින දෙකක් සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගත් සතුටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දුනීසියාවෙන්.
පසුගියදා ඉන්දුනීසියාවේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර මෙම දරුවා සිරවී සිට තිබෙනවා.
සුන්බුන් අතර සිරවීමෙන් එම දරුවාගේ මව මියගොස් ඇති අතර ඇයගේ සිරුර ආසන්නයේ නිරුපද්‍රිතව සිටි දරුවා සහන සේවකයින්ට නිරීක්ෂණය වී තිබුණා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් අතරින් දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ එම දරුවා පමණක් බවයි.
සුන්බුන් අතර සිරව ආහාර හෝ ජලය නොමැතිව දින දෙකක කාලයක් රැඳී සිටි 5 හැවිරිදි දරුවාට මේ වනවිට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් සිටිනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24