hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 02, ප.ව. 1:38



ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී සිදුවීමකින් පුද්ගලයන් 127ක් පමණ මියගොස් තිබෙනවා.

එසේම තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්.

ඉන්දුනීසියාවේ ප්‍රධාන පෙලේ පාපන්දු කණ්ඩායම් දෙකක් අතර පැවති තරගයකදී එක් කණ්ඩායමක් පරාජයට පත්වීමත් සමගයි එහි ආධාරකරුවන් සහ සෙසු කණ්ඩායමේ ආධාරකරුවන් අතර මෙම ගැටුම හටගෙන ඇත්තේ.

මිය ගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින බව වාර්තා වනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබුණා.

“සිද්ධිය සම්බන්ධයෙන් අපි කණගාටු වන අතර වින්දිතයින්ගේ පවුල්වලින් සහ සියලු පාර්ශ්වයන්ගෙන් සමාව ඉල්ලා සිටිමු,” PT Liga Indonesia Baru හි සභාපති Akhmad Hadian Lukita එලෙස ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.