hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 18, පෙ.ව. 6:51



ඉරානයේ විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලහියාන් ඊයේ රියාද් නුවරදී සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු මුණගැසුණා.

දෙරට අතර සබඳතා නිවැරදි මාවතක ගමන් කරන බවයි මෙහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම සංචාරය පසුගිය මාර්තු මාසයේදී චීනයේ මැදිහත්වීමෙන් සෞදි අරාබිය සහ ඉරානය අතර ඇතිවූ එකඟතාවයෙන් අනතුරුව ඉරාන විදේශ අමාත්‍යවරයා සෞදි අරාබියේ කළ පළමු සංචාරයයි.

පසුගිය ජූනි මාසයේදී සෞදි විදේශ අමාත්‍යවරයා ඉරානයේ ටෙහෙරාන් අගනුවර සංචාරය කළා.

2016 දී සෞදි අරාබිය විසින් ෂියා ඉස්ලාමීය පූජකයකු වූ නිම්ර අල්-නිම්ර මරණීය දණ්ඩනයට ලක් කිරීමෙන් පසු ටෙහෙරානයේ සෞදි තානාපති කාර්යාලය වෙත ප්‍රහාර එල්ල වූ අතර එයින් අනතුරුව සෞදි අරාබිය ඉරානය සමග වූ තානාපති සබඳතා බිඳ දැමුවා. එම සබඳතා යළි ස්ථාපිත කරගන්නා ලද්දේ චීනය මැදිහත් වීමෙන් ඇතිවූ එකඟතාව අනුවයි.