hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 මැයි 22, පෙ.ව. 10:27



ඊබ්‍රහීම් රයිසිගෙන් පුරප්පාඩු වූ ඉරාන ජනාධිපති ධුරය සඳහා නව ජනාධිපතිවරයකු තෝරාගැනීමට පැවැත්වෙන ජනාධිපතිවරණය ජූනි 28 වනදා පවත්වනු ලබන බව එරට රජය නිවේදනය කළා.

නාමයෝජනා භාරගැනීම මැයි 30 සිට ජූනි 3 දක්වා සිදුවනු ඇති. එයින් අනතුරුව එරට ආරක්ෂකයන්ගේ කවුන්සිලය (ගාර්ඩියන් කවුන්සිල්) විසින් එම නාමයෝජනා අතුරින් මැතිවරණයට ඉදිරිපත් වීමට අවසර දෙන අපේක්ෂකයන්ව තෝරාගැනෙනු ඇති.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජුනි 12 සිට 27 දක්වා කාලසීමාව වෙන්කරනු ලැබ තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: