hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 12:37



ඉරානයේ ෂිරාස් නගරයේ ෂියා පල්ලියක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අයි.එස්. ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, තම සංවිධානය විසින් එම ප්‍රහාරය සිදු කරන ලද බවයි.

වෙඩි ප්‍රහාරය සිදු කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන බලධාරීන් සඳහන් කර තිබෙනවා.

එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රහාරය සම්බන්ධයෙන් “තක්ෆීරි ත්‍රස්තවාදීන්ට” දොස් පවරා තිබෙනවා.

“තක්ෆීරි” යනු අයි.එස්. සංවිධානය වැනි දැඩි මතධාරී සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන් සඳහා ටෙහෙරානය භාවිත කරන නමක්.