hit counter

2024 දෙසැම්‍බර් මස 06 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 01, පෙ.ව. 12:24



ඉරානය වෙනුවෙන් තොරතුරු ඒකරාශි කිරීම සහ වෙනත් රහසිගත කටයුතු සිදුකළ බව කියන යුවළක් සහ තවත් අයකු ඊශ්‍රායල බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෆායෙල් සහ ලාලා ගුලියේෆ් නම් වූ ලොද් නගරයේ වාසය කරන යුවළක් ද අශර් බින් යමින් වයිස් නම් වූ බනේයි බ්‍රාක් හි වාසය කරන අයකු ද මෙසේ අත්අඩංගුවට ගත් අය අතර වනවා.

රෆායල් සහ ලාලා ගුලියේෆ් කොකේසස් කඳු ප්‍රදේශයෙහි සිට ඊශ්‍රායලය වෙත පැමිණි අය බවයි කියැවෙන්නේ. ඔවුන්ව ඉරාන ඔත්තු ජාලයන් වෙනුවෙන් බඳවාගෙන ඇත්තේ අසර්බයිජාන සම් භවයක් ඇති එල්ශාන් අගියේව් නම් අවුරුදු 56 ක් වයසැති අයකු බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා.

මේ දෙදෙනාට මොසාඩ් මූලස්ථානය​, හයිෆා වරාය වැනි ස්ථානවල තොරතුරු එකතු කිරීම භාරදී තිබූ අතර ඊට අමතරව ඊශ්‍රායල ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයෙහි සේවය කරන විද්‍යාර්ථියකු පිළිබඳ තොරතුරු එකතු කිරීමට ද ඔවුන්ට භාර දී තිබුණ බවයි පැවසෙන්නේ.

මේ අතර වයිස්ගේ ප්‍රධානම රාජකාරිය වී තිබුණේ න්‍යෂ්ටික විද්‍යාඥයකු පිළිබඳ තොරතුරු එකතු කර ඉරාන ඒජන්තයකු වෙත ලබාදීමයි. එම තොරතුරු නැගෙනහිර යෙරුසලමේ අයකු වෙත ඉන්පසු ලබාදී තිබෙනවා. පසුගියදා නැගෙනහිර යෙරුසලමේදී අත්අඩංගුවට ගත් සත්දෙනා අතර එම තැනැත්තා ද වූ බව සඳහන්.

පසුගිය සති කිහිපය තුළ ඉරාන ඒජන්තයින් ලෙස චෝදනා ලැබූ අය කිහිප විටෙකදී ම අත්අඩංගුවට ගැනුණා.

Example Image