hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 17, ප.ව. 8:43



තමන් යේමනයට පහරදීම සඳහා සැලසුම් සකස් කර ඇති බව ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් තෝමාර් බාර් පවසනවා.

ඔහු පවසන්නේ ඊශ්‍රායල ගුවන් හමුදාව අවශ්‍ය විටෙක මැදපෙරදිග කලාපයේ ඕනෑම ස්ථානයක මෙහෙයුම් දියත් කිරීමට සූදානම් බවයි.

බාර් මෙසේ ප්‍රකාශ කර ඇත්තේ යේමනයේ ක්‍රියාත්මක අන්සරල්ලා සංවිධානය හෙවත් හූති කැරලිකරුවන් විසින් ඊශ්‍රායල නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන්නේය යනුවෙන් කළ තර්ජනයෙන් අනතුරුවයි.

හූති කැරලිකරුවන් කිහිප අවස්ථාවකදීම ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. එමෙන්ම මෑතකදී ඔවුන් යේමනයේ බටහිර වෙරළෙන් ඔබ්බෙහි පියාසර කරමින් තිබූ බව කියැවෙන ඇමරිකානු ඩ්‍රෝනයක් ද බිම දැමූ බව වාර්තා වුණා.