hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 7:08



යේමනයේ හොඩෙයිඩා සහ රස් ඉසා වරායන්වලට ඊයේ සන්ධ්‍යා යාමයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වුණා. මෙහිදී තෙල් ගබඩා සහ බලාගාර ඉලක්ක කළ බවයි සඳහන් වුණේ.

කෙසේ වෙතත් යේමන බලධාරීන් සඳහන් කළේ ගබඩාවන් හි වූ තෙල් කලින් ඉවත් කර තිබූ බවයි.

යේමනයේ හූති කැරලිකරුවන් විසින් පසුගිය දිනවල ඊශ්‍රායලය ඉලක්ක කරගෙන බැලිස්ටික් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කළා. ඒවායෙන් තම රටෙහි ජීවිත හානි නොවූ බවයි ඊශ්‍රායලය කියා සිටියේ. ඊයේ එල්ල වූ ප්‍රහාරය එම මිසයිල ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස පෙනී යනවා.