2023 නොවැම්‍බර් 05, ප.ව. 7:44
ගාසා තීරයට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම ද ඊශ්‍රායලය විසින් සලකා බැලිය හැකි විකල්පයක් බව එරට උරුමයන් පිළිබඳ අමාත්‍ය අමිචායි එලියාහු පවසනවා.
ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ගවීර් නායකත්වය දෙන ඔට්සමා යෙහුදිත් (යුදෙව් බලය) පක්ෂයේ සාමාජිකයකු වන එලියාහු මේ අදහස් දැක්වූයේ අද විකාශය වූ ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින්.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය විවේචනය කරමින් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමාත්‍ය එලියාහුට කැබිනට් රැස්වීම් තහනම් කළ බව ප්‍රකාශ කළා.
එලියාහු හෝ ඔහුගේ පක්ෂයේ නායක බෙන්-ගවීර් ඊශ්‍රායලයේ යුධ කැබිනෙට්ටුවේ සාමාජිකයන් වන්නේ නැහැ. එහි සාමාජිකයන් වන්නේ නෙතන්යාහු, ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් සහ බෙනී ගාන්ට්ස් පමණයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24