hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2024 ජනවාරි 24, පෙ.ව. 8:02



ජනවාරි 22 සඳුදා ඊශ්‍රායලයට ගාසා තීරයේ සටන්වලින් වැඩිම සෙබළුන් ප්‍රමාණයක් අහිමි වූ දිනය ලෙස වාර්තා වී තිබෙනවා.

එදින ඊශ්‍රායලයට සෙබළුන් 24 දෙනකුගේ ජීවිත අහිමි වූ බවයි සඳහන් වන්නේ.

කාන් යුනිස් ප්‍රදේශයේදී එල්ල වූ යුධ ටැංකි නාශක වෙඩි ප්‍රහාරයකින් පසු එහි වූ ගොඩනැගිලි දෙකක් කඩාවැටුණ බවත් ඒවා ඇතුලත හා ඒ ආසන්නයේ සිටි සෙබළුන් 21 දෙනකු මියගිය බවත් ඊශ්‍රායලය ඊයේ සඳහන් කළා.

ඉතිරි සෙබළුන් තිදෙනා මියගිය ආකාරය ඊශ්‍රායලය විසින් හෙළිකර තිබුණේ නැහැ.

ගාසා තීරයේ ස්ථාන කිහිපයකම දැනටත් දරුණු සටන් පවතිනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 27 වනදා ඇරඹුණ ගාසා හි ගොඩබිම් ප්‍රහාරයන්හි දී මියගිය ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාව 210 ක් බවට පත්ව තිබෙනවා.