hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 13, ප.ව. 10:35



අද උදෑසන ගාසා තීරයේ ඛාන් යුනිස් හි අල්-මවාසි සරණාගත කඳවුර වෙත එල්ල වූ ප්‍රහාරය හමාස් හමුදා අංශ ප්‍රධානී මොහොමඩ් ඩයිෆ් හා ඛාන් යුනිස් බ්‍රිගේඩයේ ප්‍රධානී රෆා සලාමා ඉලක්ක කරගෙන එල්ල කරන ලද ප්‍රහාරයක් බව ඊශ්‍රායල ආරංචිමාර්ග සඳහන් කරනවා.

මෙම ප්‍රහාරයෙන් 70 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

2023 ඔක්තෝබර් 7 ප්‍රහාරයේ මහමොළකරුවකු ලෙස සැලකෙන ඩයිෆ් 1965 දී ඛාන් යුනිස් සරණාගත කඳවුරේ උපන් අයෙක්. 1987 දී හමාස් සංවිධානයට එක්ව ඇති ඔහුව ඝාතනය කිරීමට මීට පෙර හත් වරක් ඊශ්‍රායලය විසින් උත්සාහ දරා ඇතැයි සඳහන් වනවා. කෙසේ වෙතත් අද ප්‍රහාරයෙන් පසු ඔහු පිළිබඳ තහවුරු කළ ප්‍රවෘත්ති මෙතෙක් ලැබී නැහැ.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද රාත්‍රියේ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.