2023 නොවැම්‍බර් 18, ප.ව. 9:23
ඊශ්‍රායල සන්නද්ධ හමුදා ගාසා තීරයේ සයිටුන් සහ ජබාලියා වෙත ඇතුල් වෙමින් සිටින බව අද නිවේදනය කළා.
ඊශ්‍රායල හමුදාවේ 36 වන ඩිවිෂනය සයිටුන් වෙතත් 162 වන ඩිවිෂනය ජබාලියා වෙතත් ඇතුල් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රදේශ ප්‍රබල හමාස් බලකොටු බවට විශ්වාස කෙරෙනවා.
සෙයිටුන් ප්‍රදේශය පිහිටා ඇත්තේ ගාසා නගර මධ්‍යයේ යි. ජබාලියා ප්‍රදේශය ගාසා නගරයේ උතුරු සීමාවට ඔබ්බෙන් පිහිටා තිබෙනවා.
මේ අතර හමාස් සංවිධානය පවසා සිටින්නේ තම සටන්කාමීන් තවමත් බෙයිට් හනූන් හිදී ඊශ්‍රායල හමුදාවන්ට ප්‍රතිරෝධය දක්වන බවයි. ඔක්තෝබර් 27 වනදා ප්‍රහාර ආරම්භ වූ දිනවලම ඊශ්‍රායල හමුදා බෙයිට් හනූන් වෙත පැමිණිය ද එම දිශාවෙන් එම නගරයට වඩා ඉදිරියට පැමිණියේ නැහැ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24